දිවයිනේ ස්ථාන දෙකකින් මනුෂ්‍ය ඝාතන දෙකක් වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඊයේ(16) දින දහවල් කාලයේ සූරියවැව පොලිස් වසමේ කොග්ගල්ල ප්‍රදේශයේ නිවසක ආයුධයකින් පහරදීමක් නිසා කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඉඩම් ආරවුලක් හේතුවෙන් එකම පවුලේ බාල සහෝදරයා විසින් වැඩිමල් සහෝදරයාට කැත්තකින් පහරදීමෙන් මරණය සිදු ව ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක් වන කොග්ගල්ල ප්‍රදේශයේ පදිචිකරුවෙකි.
ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 24ක් වූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෘතශරිරය හම්බන්තොට රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර සූරියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර ඇල්පිටිය පොලිස් වසමේ මෙනේරිලාවල වෙල්යායේ පරත්තවල පාලම අසලදී කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු මියගොස් ඇති බවට නාඳුනන දුරකථන පණිවඩුයක් ඇල්පිටිය පොලීසියට ලැබී තිබුණි.
එලෙස මියගොස් ඇත්තේ, 47 හැවිරිදි නාගස්ගොඩැල්ල අමුණ, ගණේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරුගේ හිසේ හා අත්වල කැපුම් තුවාල දක්නට ඇති අතර මෙය තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් සිදුවු ඝාතනයක් බවට කරුණු අනාවරණය වී තිබේ.
ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.
මේ වනවිට මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර ඇති අතර, අද (17) පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.