ඉතාලි ජාතික කාන්තාවකට අතවර කිරීමට උත්සාහ කිරීමේ චෝදනාවකට ශ්‍රී ලාංකිකයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි වියේ පසුවූ ශ්‍රී ලාංකිකයෙකි.
සැකකරු පසුගිය දිනක උදෑසන රාජකාරී ස්ථානය කරා ගමන්කරමින් සිටි කාන්තාවකට මෙලෙස අතවර කිරීමට උත්සාහ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
25 හැවිරිදි වියේ පසුවන එම කාන්තාව සැකකරු විසින් බිම දමා උද්‍යානයක් තුළට ඇදගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරුව කාන්තාවට අතවර කිරීමත් සමග කෑ ගැසීම ඇසුණු පිරිසක් එහි පැමිණීමත් සමග සැකකරු පලාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.
කෙසේ වෙතත් එරට පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ සැකකරුගේ සිරුරේ කොටා තිබූ පච්චයක් සහ ගමන් මල්ල ඔහුව හඳුනාගැනීමට ආධාර වූ බවය.