මහියංගනය, 18 කොලනිය ප්රදේශයේ නිවසක් තුළ කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් තිබේ.
ඊයේ (14) සවස් කලයේදී එම සිදුවීම වාර්තා වූ බව මහියංගනය පොලීසිය පවසයි.
එසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 48ක් වන 18 කොලනිය, මහියංගනය ප්රදේශයේ පදිංචිකාරියකි.
මියගිය කාන්තාවගේ හිසේ ලේ ගලන තුවා කිහිපයක් තිබෙන බවට නිරීක්ෂණය වී ඇති හෙයින් මෙම මරණය ඝාතනයක්ද වෙනත් සිදුවීමක්ද යන්න සම්බන්ධයෙන් මහියංගනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.