වැදගත් වෙන්නේ තවම ලිංගිකව එක් වෙලා නැති එහෙමත් නැත්නම් සෙක්ස් කරන්න බලාගෙන ඉන්න අපේ කෙල්ලන්ට.
මොකද අපි මේ කතාබහ වැඩිපුරම විශේෂයෙන් කරන්නේ කාන්තාවන්ට සහ තරුණියන් වෙනුවෙන්.
හරි කතාවට යමුකො..සාමාන්‍යයෙන් පලවෙනි ලිංගික එක්වීම වෙනුවෙන් මග බලාගෙන ඉන්න්න තරුණියන් මේ විස්තර දැන ගන්න ඕනි(මොකද දැනගෙන ගියොත් කතරගම නොදැනෙ ගියොත් අතරමග).
ආශාවටම සෙක්ස් කරන්න නොයා මේ ටික ඔලුවට දාගෙන යන්න.
හරි කතාව පටන් ගමු.
අපි හැමදාම කියනවා හැම ලිංගික එක්වීමකට පෙරම අනිවාර්යයෙන් තියෙන්න ඕනි කතාබහ සහ තේරුම්ගැනීම.
මොකද ඔයා හා කිව්ව පමණින් එයත් ඇවිල්ල කරන්න ගියොත් එතන ගැටළුවක් වගේම ඔය දෙන්නට දෙන්න කැමති කොහොමද?
මොනවද වුවමනා එපාකම් වගේ දේවල් ගැන දැනීමක් දෙදෙනාටම තියෙන්න නම් ඒ ගැන කතාබහක යෙදෙන්න ඕනි.
ඒ වගේම ඔයගෙ සීමාවන් එයා අනිවාර්යයෙන් දැන ගන්න ඕනි.
මොකද නැත්නම් පළවෙනි අත්දැකීමම ඔයාට වේදනාවක් බවට පත් වේවි.
ඒ වගේම ඔයා දැනගෙන යන්න ඕනි ඔයාගේ කන්‍යාපටලය ගැන පොඩියට හරි විස්තරයක්.
යූ ටියුබ්,ඉන්ටර්නෙට් මේ හැම එකකම තියෙනවා ඔයාට යම් කිසි දැනීමක් දැන ගන්න නම් ඒ එකක් හරි බලලා යන්න.
අනිත් කාරනය තමයි ඔයාගෙ වයස…අනිවාර්යයෙන් නීතිමය ගැටළුවක් පැන නගිනවා.
ඔයා වයස 16ට අඩු නම් ඔයාට ලිංගිකව හැසිරෙන්න බැහැ.
ඒක කොල්ලො කෙල්ලන්ට දෙගොල්ලන්ටම අදාලයි.
නීතිය අංක එක.කැමැත්තෙන් වුනත් ඒක බෑ.
ඒක අපේ රටේ නීතියට අනුව වැරැද්දක්.
අනික ඉතින් ඔයාලා දෙන්නා තහනම් ගහේ ගෙඩි නම් කන්නේ ඒක ඔයාලගේ කැමැත්තක්…හැබැයි අහු වුනොත් ඊගාවට එන ප්‍රශ්න ගැනත් සැලකිලිමත් වෙන්න.
මොකද ඒකෙන් සමහරවිට ලොකු විනාශයක් වෙන්න පුළුවන්.
සෙක්ස් කරන්න නම් අනිවාර්යෙන් මානසික මට්ටම යහපත්ව පවත්වාගෙන යන්න පුළුවන් තැනක් අවශ්‍යමයි.
ඒක ඔය දෙන්නටම වෛනවා…මොකද කතා බහ කරද්දිම තෝරා ගන්න වෙලාවක් සහ තැනක්.
මොකද දුවන්න බලාගෙන සෙක්ස් කරන්න යන්න එපා.
දෙන්නටම වැඩක් නැහැ.
දෙන්නටම ආරක්ෂාකාරී,relax තැනක් සොයා ගැනීම වටිනවා.
යන තැන ගැන වගකීම ඔය දෙන්නටම තියෙනවා.
පිරිමියා අරයා කියලා නිකන් ඉන්න බැහැ.
මොන සේෆ් තැනකට ගියත් වටාපිටාව ගැන සෝදියක් කරලා ඉන්න.
මොකද අද කාලෙ වෙන දේවල් ගැන දන්නවනේ.
හරි ඔයා දැන් සේෆ් තැනක සෙක්ස් කරන්න පුළුවන් වටපිටාවක ඉන්නේ.
හැබැයි තවත් ආරක්ෂාවක් ගැන හිතන්න ඕනි.
ඒ තමයි ලිංගික රෝග සම්ප්‍රේෂණය වීම සහ බෝවීම වලක්වා ගැනීම සඳහා කොන්ඩම් නම් භාවිතා කල යුතුයි.
ආදරේ කරන කෙනත් එක්ක සෙක්ස් කරන්න යද්දි මොකටද කොන්ඩම්…
හැබයි ඔබ තවම විවාහක නැහැ..
මේක පලවෙනි එක්වීම…
අපිට කෙල්ල එයා ගැන හරියටම පේන බැලුවා වගේ කියන්න බැහැනේ.
ඒ නිසා කොන්ඩම් අනිවාර්යයෙන් පාවිච්චි කරන්න.කෙල්ලෙක් වුනත් ඔයා ලැජ්ජා වෙන්න එපා ෆාමසියකින් කොන්ඩම් ඉල්ලන්න.
මොකද ඒවා තියෙන්නෙ පාවිච්චි කරන්න.
රසවත්ම කාරනේ තමයි එක එක රස,වෙනස් වෙනස් කොන්ඩම් දැන් මිල දී ගන්න පුළුවන්.
ඔයාලා පළවෙනි ලිංගික එක්වීමෙන්ම දරුවෙක් බලාගෙන නෙවෙයි නේද කරන්නේ.
ඒ නිසා උපත් පාලන ක්‍රම ගැනත් සැලකිලිමත් වෙන්නම ඕනි.
නැත්නම් පලවෙනි පාරෙන්ම ඔයාට ජීවිතේම එපා වෙයි.
ඔන්න කාරනා ටික හරි දැන් තියෙන්නේ අන්තිම කාරනා ටික…
කෙල්ලෙ ඔයාට දැන් පළවෙනි එක්වීමෙදි පොඩි චකිතයක් ඇති වෙයි..බයකුත් එක්ක..
ඒ නිසා මුලින් කතා කර ගත්තා වගේ දෙන්නා කතා කරලා සරාගී විදිහට ආරම්භය ගන්න..
එයාගෙත් පලවෙනි පාර නම් එයාටත් පොඩ් පොඩ් ප්‍රශ්න ඇති වෙයි බය නිසාම.
හැබැයි ඊට කලින් කතා බහ සහ ආලිංගනය වැදගත්.
දෙන්නා ආසම විධි සහ ක්‍රම බය නැතුව කතා කරලා ඒ ගැන අත්හදා බැලීම් කරන්න,අනිවාර්යයෙන් අවශ්‍ය වෙයි කියලා හිතුනොත් ලිහිසිකාරකයක් එහෙමත් නැත්නම් lubricant එකක් අරගෙන යන්න.
ෆාමසිවල ඕනි තරම් ගන්න තියෙනවා.
සෙක්ස් කරලා ඉවර වුනාට පස්සේ හරි යන් ඉක්මනින් ඇඳගමු සීන් එක දාන්න එපා.
ටිකක් කතාබහ කරලා ආදරණීය වෙන්න…දෙන්නගේ විශ්වාසය හැමදාම රැක ගන්න..
මතක ඇතුව දෙන්නට දෙන්න ගෞරව කරන්න පුරුදු වෙන්න.