වවුනියාවේ වෛරවපුලියන්කුලම ප්රදේශයේදී බුද්ධි අංශ නිලධාරියකු කඩුවලින් කැපීමට සූදානම් වූ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ (12) කඩු දෙකක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෛරවපුලියන්කුලම යංග් ස්ටාර් ක්රීඩාංගණය අසලට යතුරුපැදිවලින් පැමිණි තරුණයින් පිරිසක් එම ස්ථානයේ සිටි තරුණයෙක්ව කඩුවලින් කැපීමට උත්සාහ කළ බව වාර්තා වෙනවා.
එම් අවස්ථාවේදී රාජකාරී කටයුත්තකට එම ස්ථානයට ගොස් සිටි බුද්ධි අංශ නිලධාරියකු එය වැළැක්විමට උත්සාහ කළ අවස්ථාවේදී එම නිලධාරියාව කඩුවලින් කැපීමට අදාළ තරුණයින් පිරිස උත්සාහ කර තිබෙනවා.
තමන් බුද්ධි අංශ නිලධාරියකු බව ප්රකාශ කිරීමෙන් පසුව එම තරුණයින් බුද්ධි අංශ නිලධාරියාට පහර දී පලා ගොස් ඇති බව පොලිසිය පවසනවා.
මේ පිළිබදව පොලිසියට පැමිණිලි ලැබීමෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් වවුනියාවේ පළාත් දෙකකදී කළ සෝදිසි මෙහෙයුමකින් පසුව කඩු දෙකක් සමඟ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වි තිබෙනවා.
එම තරුණයින් දෙදෙනා හා කඩු වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් වවුනියාව පොලිසියට බාර දී ඇති අතර වවුනියාව පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා.