සිය බිරිඳගේ මිතුරියක් අපයෝජනයට ලක්කළ සැමියෙකු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙන්නපුව පොලිසියෙන් විසින් විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව සැමියාට මෙම තරුණිය අපයෝජනය කිරීමට ආධාර අනුබල දීමේ වරදට බිරිඳවද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පවසනවා.
අපයෝජනයට ලක්වූ බව කියන තරුණිය සහ මෙම අඹුසැමි යුවළ එක්ව මත්පැන් පානය කිරීමෙන් අනතුරුව මෙම අපයෝජනය සිදුව ඇති බවත් ඔවුන් අධික ලෙස මත්පැනට ඇබ්බැහි වී ඇති බවත් විමර්ශනවලදී හෙළිවී තිබෙන බව පොලිසිය අනාවරණය කරනවා.
අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.