තරුණ ප්‍රේමය බොළඳයි කියලා බොහෝ දෙනා කිව්වත් ප්‍රේමයට හරවත් වටිනාකමක් දෙන්න බොහෝ පෙම්වතුන් සමත් වෙනවා..
ඒ කතා කොහොම වුණත් මේ කියන්න යන්නේ ප්‍රේමය නිසා බොලඳ වුණ තරුණියකගේ ජීවිතය කඳුළින් අවසන් වුණ කතා පුවතක්…
ඇය 28 හැවිරිදි තලවකැලේ ඩයගම ප්‍රදේශයේ පදිංචි කනපති අනුෂා දර්ශනි…
හැටන් නගරයේ පෞද්ගලික මුල්‍ය ආයතනයක සේවය කරන අනූෂා අද උදෑසන පෙම්වතාට තම දුරකතනයෙන් පණිවිඩයක් තැබුවේ ඔවුන්ගේ ප්‍රේම කතාවේ අවසානය වගේම ඇගේ ජීවිතයේද අවසානය සටහන් කරමින් කියා කවුරුත් හිතන්න නැතුව ඇති..
අද උදැසන සේවා ස්ථානය වෙත පැමිණි ඇය තමන් හමුවිමට පෙම්වතාට පැමිණෙන ලෙස දුරකථනයෙන් දැනුම් දි ඇති අතර පෙම්වතා විසින් එය ප්‍රතික්ෂේප කිරිම නිසා මෙසේ දුම්රියට පැන සියදිවි හානි කර ගෙන තිබෙනවා..
වසර පහක කාලයක් හැටන් පොන්නගර් ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමග අනූෂා මෙලෙස ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර එය නැවැත්වීම හේතුවෙන් ඇය මෙම තීරණය ගෙන තිබුණා…
මෙලෙස ඇය ගැටී ඇත්තේ මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක බවටයි වාර්තා වෙන්නේ..
පොලිසිය පවසා සිටින්නේ දුම්රියට පැන සියදිවි හානි කරගත් තරුණියගේ සිරුර පෙම්වතා විසින් හදුනාගෙන ඇති අතර, සිරුර පශ්චාර මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කර ඇති බවයි….


