සුන්දරියන් කියන්නේ ඇත්තටම දුටුවන් පිනවන චරිතයක්…
ඒත් ඒ වගේ රූමතියන්ට සිද්ධවුණ අරුම පුදුම වැඩක් ගැනයි මේ කියන්න යන්නේ..
රූ රැජින කිරුළ සඳහා ඉන්දුනීසියාවේ පැවැත්වූ තරගාවලියකදී තරගකාරිනියන් කිහිප දෙනෙකු තමන් ලිංගික අපයෝජනයට ලක් වූවා යැයි පවසමින් ඔවුන් පොලීසිය හමුවේ පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා…
අවසන් මහා තරගයට දින දෙකකට පෙර එනම් අගෝස්තු 3 වන දා සංවිධායකවරුන් විසින් මෙම තරගකාරිනියන්ගේ ශරීර පරික්ෂා කිරීම සහ ඡායාරූප ලබා ගැනීම සඳහා ඔවුන්ගේ උඩුකය නිරුවත් කරන ලෙස ඉල්ලීමක් කර තිබුණා…
කොහොම වුණත් අදාළ තරගකාරිනියන්ගේ නීතීඥවරුන් සඳහන් කළේ ඉන්දුනීසියාවේ රූ රැජින තරග සඳහා අවසර ඇති නමුත් ඔවුන්ගේ සංස්කෘතියට හානියක් නොවන ලෙස එම තරග පැවැත්වීමට සංවිධායකවරුන් කටයුතු කළ යුතු බවයි….
මේ කතාව ගැන සඳහනක් කරමින් ජකර්තා අගනුවර පොලීසිය සඳහන් කළේ මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මේ වන විට සිදුකරමින් පවතින බවයි….


