කියන්න යන්නේ සිංහයාගේ තුරුණු ආලයෙන් මුසපත් වුණ ලපටි සුප්පාදේවිය ගැන…
සිංහබාහු කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හොඳින් දන්නා හඳුනන කතා පුවතක්…
මේ කතාව සිනමා පටයක් හරහා අපේ රටේ ප්‍රේක්ශකයා වෙත ලබා දෙන්නට සෝමරත්න දිසානායක මහතා උත්සාහ ගත්තේ මීට වසරකට පමණ පෙරයි…
ඒත් නොසිතූ ආකාරයේ සිදුවීම් නිසා මේ චිත්‍රපටය ගැන දැන් වෙද්දී රසිකයෝ පෙරට වඩා උනන්දුවෙන් බලාගෙන ඉන්නවා…
කොහොම වුණත් මේ කියන්න යන්නේ තුරුණු සිංහයෙක් ලපටි සුප්පා දේවියට කියන කතාවක්… බලන්නකෝ අඛිලගේ කවිකාර අදහස් එක්ක ඒ ආදරය කොහොද ලියවිලා තියෙන්නේ කියලා….
“තී ලඳකි සොලොස් විය පිරුනූ
මා සිතින් මෙන් ගතින් තුරුනූ
නැත බියවන්න කරුනූ
ජීවිතේ අපි එකට
සෙනෙහසින් ගෙවමූ”

