බම්බලපිටියේ මැරයින් ඩ්‍රයිව් ප්‍රදේශයට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකු පොලිසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබුණා.
බම්බලපිටිය මැරීන් ඩ්‍රයිව්හි අතුරු මාර්ගයක් ඔස්සේ මෝටර් රථයක් ඉලක්ක කර ගනිමින් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෑන් රථයකට වෙඩි තැබීමෙන් අනතුරුව වාහන දෙකම එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව සඳහන්වුණා.
මෝටර් රථයේ සිටි පුද්ගලයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවට සැක කෙරෙනවා.
මෙම සිද්ධියෙන් අත්අඩංගුවට ගත් සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් සිව් දෙනො අද (08) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබෙනවා