ආරවුලක් විසඳීමට ගිය පොලිස් සැරයන්වරුන් දෙදෙනකුට පහර දී තුවාල සිදු කළ පුද්ගලයන් දෙදෙනකු අකුරැස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා කළහගම ,පෝරුතොට ප්රදේශයේ පදිංචිකරුවන් වන බව වාර්තා වෙනවා.
පහර කෑමෙන් තුවාල ලැබූ නිලධාරීන් දෙදෙනා ප්රතිකාර සඳහා අකුරැස්ස රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය පවසනවා.