කදාන – දැවතොටුපළ පාර ප්රදේශයේ රසායනික නිෂ්පාදන කරන ස්ථානයකට අයත් ගබඩාවක අද උදෑසන ඇතිවූ හදිසි ගින්නෙන් පසු සිසු සිසුවියන් 50 දෙනෙකු පමණ රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.
කඳාන ශාන්ත සෙබස්තියන් විදුහලේ සහ එහි බාලිකා විදුහලේ සිසු සිසුවියන් පිරිසක් මෙලෙස රෝහල්ගත කර ඇත්තේ ගින්නත් සමඟ හටගත් දුමාරය ආඝ්රාහණය කිරීමෙන් පසු ශ්වසන ආබාධ මතුවීම හේතුවෙන්.
මෙම ගින්න හටගන්නා අවස්ථාවේ අදාළ ගබඩාවේ ගණකාධිකාරිවරයා ගොඩනැගිල්ල තුළ සිට ඇති අතර ඔහු එහිදී ජීවිතක්ෂයට පත්වුණා. මෙලෙස මියගියේ ගනේමුල්ල ප්රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්.
සිද්ධිය ඇසින් දුටුවන් ප්රකාශ කළේ පිපිරීමක් සමඟ ගින්න හටගත් බවයි.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගම්පහ සහ මීගමුව මහනගර සභාවල ගිනි නිවන ඒකක මෙන්ම නාවික හමුදාවේ ගිනිනිවීමේ ඒකකයේ සහය ද ලබාගැනීමට සිදුවුණා.
ගින්නෙන් අදාළ ගබඩාවට මෙන්ම ඊට ආසන්නයේ පිහිටා ඇති නිවසකටද දැඩි හානි සිදුවුණා.
ගින්න ඇතිවීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර කදාන පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.