රුපියල් මිලියන 75කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු යාපනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව සහ පොලීසිය එක්ව යාපනය පොන්නාලෛයි ප්රදේශයේ ඊයේ (05) රාතියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී ලොරි රථයකින් කේරළ ගංජා තොගය ප්රවාහනය කරමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
සැකකටයුතු ලොරි රථය පරික්ෂා කිරීමේ දී පාර්සල් 105ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 227යි ග්රෑම් 915ක තොගයක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි බණ්ඩාරවෙල ප්රදේශයේ පදිංචිකරුවකු වන අතර, ඔහු ඉදිරි නීතිමය කටයුතු සඳහා වඩුක්කෝඩෙයි පොලීසිය වෙත භාරදීමට පියවර ගෙන ඇති බවය නාවික හමුදාව සඳහන් කරයි