අත්හිටුවා ඇති විදෙස් ගමන් බලපත් යළි දීමට හැකි බව පවසා වත්තල ප්රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක් ඉංගිරිය ප්රදේශයට ගෙන්වාගෙන කැලෑවකට රැගෙන ගොස් දූෂණය කර ඇය සතු රුපියල් 810,500 වටිනා රන් භාණ්ඩ හා මුදල් කොල්ල කා පළා ගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි.
වත්තල ප්රදේශයේ පදිංචි මෙම කාන්තාව විදෙස්ගත රැකියාවක නිරතව සිටියදී සිදු කරන ලදැයි කියන විසමාචාර ක්රියාවක් නිසා ඇයගේ වීසා අත්හිටුවා මෙරටට පිටුවහල් කර ඇතැයි පොලිසිය කියයි.
අත්හිටුවන ලද වීසා එක යළි සකස් කර දිය හැකි බව පවසා සැකකරු මෙම කාන්තාවට ජංගම දුරකථනයෙන් කතා කර කරන ලද දැනුම්දීමක් අනුව ඇය ඔහු හමුවීමට ඉංගිරිය ප්රදේශයට ගොස් ඇත.
සැකකරු ඔහුගේ පුතකු ලෙස හඳුන්වා දුන් මැදි වයසේ පසුවන පුද්ගලයකු ද සමග කාන්තාවයතුරු පැදියක නංවාගෙන කැලෑ ප්රදේශ එකට ප්රදේශයකට රැගෙන ගොස් ඇය දූෂණය කර කොල්ල කා ඇතැයි පොලිසිය කියයි.