කාලය හරි භයානක කාලයක්.බොහෝ වෙලාවට අහන්න දකින්න ලැබෙන්න අපි කවුරුවත් නොසිතන දේවල්.මේ කියන්න යන කතාවත් ඒ වගේ කතාවක්.
මේ පුංචි මල් කැකුළු දෙකකට හදි කල නරුමයෙකුගේ කතාවක්.
වැලිගම ප්රදේශයේ ජීවත් වන අවුරුදු 10ක් සහ අවුරුදු 8ක් වයසැති මේ පුංචි පිරිමි දරුවන් දෙදෙනා හැමදාම සෙල්ලම් කරන්නේ,ඉස්කෝලේ යන්නෙ එකටමයි.
මොකද මේ දරුවන් දෙදෙනාගේ මවුවරුන් දෙදෙනාත් එක කුස උපන් සහෝදරියන් වීමත් මේ බැඳීමට හේතුවක් වෙන්න ඇති.
දවසක් මේ දරුවන් දෙදෙනා ගෙවල් ලඟ කඩේට යන්නේ ඔවුන්ගේ නිවසට යමක් ගෙන එන්නැයි මව පැවසීමෙන් පසුව.
වෙනදටත් කඩේට යන මේ දෙදෙනාට කඩේ මුදලාලී වෙනදා මෙන් නොව දැන් ටොපී,චොකලට් දෙන්නේ හරි ආදරයෙන්.
දෙදෙනාටම ලැබෙන මේ පුංචි පුංචි තෑගි නිසා දෙදෙනාම කඩේට යන්නට හරි කැමැත්තක් දක්වන්වා.
දවසක් ටොපී චොකලට් දුන් මේ නරුම මුදලාලි ඔවුන් දෙදෙනාව අපහරණයට ලක් කර තිබෙනවා.
ටොපී චොකලට් දුන් මුදලාලී මාමාගේ හැසිරීම ගැන ඔවුන්ගේ මවුවරුන් දැනුවත් කරද්දී මව්පියන්ගේ දෑස් උඩ යන්නේ ඔවුන්ට වී ඇති කරදරයේ තරම තේරුම් ගත් නිසාවෙන්.
හැකි ඉක්මනින් මේ මුදලාලි ගැන වැලිගම පොලීසිය දැනුවත් කරන්න ඔවුන්ගේ දෙමාපියන් යුහුසුළු වෙද්දී ඒ සමගම ක්රියාත්මක වූ වැලිගම පොලීසිය මේ අපරාධකාර මුදලාලිව අත්අඩංගුවට ගෙන තිබෙනවා.