ජෑම් බෝතලයක් සහ ටින්කිරි අඩංගු බෝතලයක් පාර්ලිමේන්තුවෙන් පිට කිරිමට උත්සහ දැරූ බව පැවසෙන එහි අරක්කැමියෙක් පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීන් විසින් අද (4) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකාර අරක්කැමියා සිය රැකියාව නිමවා යමින් සිටියදී පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුමේ පොලිස් නිලධාරීන් ඔහු ගමන් ගත් යතුරුපැදිය නවතා එහි එල්ලා ගෙන යමින් තිබූ බෑගය පරික්ෂා කර ඇති අවස්ථාවේදී මෙම ජෑම් බෝතලය සහ ටින් කිරි බෝතලය සොයාගන්නා ලදැයි පොලිසිය පවසයි.
ජෑම් බෝතලය සහ ටින් කිරි බෝතලය පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙයින් සොරකම් කර ගෙන ඇතැයි දැනට කරන ලද පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී ඇත.
සැකකරුවැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලීසියට බාරදී ඇත.
පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙහි ආහාර ද්‍රව්‍ය පිට කළ සේවකයෝ රැසක් මීට පෙරද පාර්ලිමේන්තු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
සිද්ධිය පිළිබඳව වැලිකඩ පොලීසියේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.