පොලිස් භාරයට ගෙන තිබූ තිබූ යතුරු පැදියක් සහ එහි ලියකියවිලි නැවත එම යතුරු පැදියේ අයිතිකරුට භාර දීම සඳහා රුපියල් 5000 ක මුදලක් ඉල්ලා සිටි බව කියන අක්මීමන පොලිසියේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනම් කළ බව ප්රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මූලික විමර්ශනයක් පවත්වා මෙම පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇත්තේ ගාල්ල සහකාර පොලිස් අධිකාරී (1) විසිනි.
බීමතින් යතුරු පැදියක් පදවාගෙන පදවා ගෙන යමින් සිටි බව කීමෙන් නරාවල හන්දියේ දී පුද්ගලයකු අල්ලා ගෙන ඔහුගේ යතුරු පැදිය සහ එහි ලිය කියවිලි පොලිස් භාරයට ගෙන ඇත.
මෙම පුද්ගලයාට එරෙහිව නීතිය ක්රියාත්මක නොකර යතුරු පැදිය සහ එහි ලියකියවිලි නැවත භාරදීම සඳහා මෙම පොලිස් සැරයන්වරයා රුපියල් පන්දහසක මුදලක් ඉල්ලා ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.