රැජිනගේ පරපුරේ සාමාජිකාවක්…
සමනලී ෆොන්සේකා කියනකොටම අපිට මතක්වෙන්නේ ඇගේ ලොකු නැන්දා වන මාලනි ෆොන්සේකා මහත්මියනේ…
කොහොම වුණත් මේ චරිතයට ඕනෑම කෙනෙක් ආදරය කරනවා..
ඒත් එක්කම මාලනී කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක්ට වටින චරිතයක් වගේම ඇගේ පවුලේ හැම කෙනෙක්ටම ආඩම්බරයක්.. ඇගේ මග යමින් රංගනයට එකතු වුණ බොහෝ දෙනෙක් අද වෙනකොය දැකගන්න පුළුවන්..
ඒ හැමෝම අතරින් සුවිශේෂී චරිතයක් තමයි සමනලී කියන්නේ… සමනලීට ඇගේ ලොකු නැන්දාව සමීප වෙච්ච අවස්තාවක් ගැන ඇය මෙන්න මේ වගේ කතාවක් කිව්වා…
“පොඩි කාලේ ඉඳලා මට රංගනයට හැම අවස්තාවකටම මාව එක්කගෙන ගියේ මගේ ලොකු නැන්දා… මේ මං ඇයව සතුටු කළ දවසක්…
ප්‍රේමය නම් චිත්‍රපටයේ ප්‍රිමියර් එක අවසානයේදී නැන්දා මාව බදාගෙන මාව ඉඹගෙන ඉඹගෙන ගියා… ඒ මොහොත මතක් වෙද්දීත් මම ගොඩක් හැඟීම්බර වෙනවා…
ඒ වෙලාවේ නැන්දා මගෙන් ඇහුවා අනේ මං මොනවා කියන්නද ඔයාට කියලා.. ඒත් එක්කම අදටත් සිනමා සම්මාන උළෙලවලට මං අඳින්නේ නැන්දාගේ සාරි…
සමහර සාරි අවුරුදු 30ලක් 40 ක් විතර පරණයි…. ලොකු නැන්දා අපි දිහා උනන්දුවෙන් බලාගෙන ඉන්නවා වගේම තමයි ඇය නිර්ලෝභීව ඇගේ හැම දෙයක්ම අපිත් එක්ක බෙදාහදාගත්තා…. “
මේ සමනලී ඇගේ ජීවිතයට සමීපම චරිතය ඇගේ ලොකු නැන්දා ගැන කිව්ව කතාව…