දසමසක් කුස දරාගෙන මවක් දරුවෙක් මේ ලෝකයට ගේන්නේ දහසක් දුක් වේදනා විඳගෙන දහසක් පැතුම් හිතේ පොදි බැඳගෙනයි..
අපේ වගේ සංස්කෘතිය අගයන රටක මේ වගේ කතා ඇහෙන්නේ කොහොමද කියන ප්රශ්නාවලියත් එක්කයි..
කොහොම වුණත් තම වයසක මව භාර ගන්න බෑ කියන මේ දරුවන් දෙදෙනාට අම්මාගේ වටිනාකම නොතේරෙන තරමක අඩු වයසක ඔවුන් දෙදෙනාම නොමැති වීම ඇත්තටම දුකට කරුණක්…
දරුවන් දෙදෙනාගෙනම ප්රතික්ෂේප වුණ මේ අම්මා පිහිටක් පතා ගිහින් තිබුණේ පොලිස් ස්ථානයටයි…
එහිදී පොලීසිය කරුණු පැහැදිලි කරදීමට කොතරම් උත්සාහ ගත්තත් ඒ බව එම මවගේ වයස අවුරුදු 45ක් වන පුතාට නොතේරීම ඇත්තටම දුකට කරුණක්…
කොහොම වුණත් මේ වගේ කතා වලින් සමාජයට යන පනිවිඩය එතරම් සුබදායී නොවුණත් මෙවැනි කතා නැවත නැවත ඇසීම සිදු නොවීමට නම් මෙවැනි දරුවන්ට නීතිය ක්රියාත්මක විය යුතුමයි….