මෝදර ප්‍රදේශයේ, මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය පරිභෝජනයට නුසුදුසු ආහාර තොග ගබඩාවක් පාරිභෝගික වැටලීම් හා විශේෂ විමර්ෂණ ඒකකය විසින් වටලා තිබෙනවා.
එම ගබඩාවේ තිබී ප්‍රම්තියෙන් තොර සීනි කිලෝ ග්‍රෑම් 35000 ක් ද, කල් ඉකුත් වූ ආනයනික සවි කිලෝ ග්‍රෑම් 15000 ක් සහ පපඩම් තොගයක් සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ අතර එම ගබඩාවෙන් පරිභෝජනයට නුසුදුසු ලුණු විශාල ප්‍රමාණයක් ද සොයා ගෙන තිබෙනවා.
පාරිභෝගික අධිකාරිය විසින් අදාළ ගබඩාවට මුද්‍රා තැබූ අතර එහි සිටි සැකකාර පුද්ගලයන්ට නීතිමය ක්‍රියාමාර්ග ගත් බවයි වාර්තා වෙන්නේ.