උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් අඩු මුදලට බිත්තර ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පොලිස් සැරයන්වරයෙකු නාරාහෙන්පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහජන සාමය කළමණාකරන කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු බව පොලිසිය පවසයි.
තමා සතුව බිත්තර පෙට්ටි දහයක් තිබෙන බව ව්‍යාපාරිකයෙකුට පවසා පොලිස් ගරාජය අසලට පැමිණෙන ලෙස දන්වා ඔහුගෙන් රුපියල් පනස්දාහක් රැගෙන මෙම පොලිස් සැරයන්වරයා එක් අවස්ථාවකදී පළාගොස් තිබුණා.
එම ව්‍යාපාරිකයින් මෙම උප පොලිස් පරීක්ෂකවරයෙකු වෙසින් සිටින පුද්ගලයා ගැන අවධානය යොමු කර නාරාහේන්පිට ප්‍රදේශයේ දී ඊයේ මොහුව කොටුකර ගැනීමට සමත් වූ බව පොලිසිය පොලීසිය වැඩිදුරටත් පවසනවා.