නීති විරෝධී වැලි කැණීම් විමර්ශනය කිරීමට ගිය නාවික හමුදා නිලධාරීන්ගේ ගිනි අවියක් පැහැර ගැනීමට තැත් කළ පුද්ගලයෙකු වෙඩි වැදී තුවාල ලබාප්රතිකාර සඳහා චාවකච්චේරි රෝහලට ඇතුළත් කර තිබෙනවා.
නීති විරෝධී ලෙස වැලි වැලි කනිමින් සිටි කණ්ඩායම නාවික හමුදා නිලධාරී එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී කලහකාරී ලෙස හැසිරී නිලධාරීන්ට පහර දීමට තැත් කර තිබෙන බවද බවද වාර්තා වෙනවා.
ගිනි අවිය පැහැර ගැනීමට තැත් කළ අවස්ථාවේ දී ගිනි අවිය ක්රියාත්මක වී 24 හැවිරිදි පුද්ගලයාගේ දකුණු අතේ අල්ලට වෙඩි වැදී ඇති බව පොලිසිය පවසයි.
මෙම සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන පලෙයි පොලිසිය විසින් සිදුකරනවා.