මන්නාරමේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු විසින් ඉන්දියාවේ තමිල්නාඩු නාගපට්ටන ප්‍රදේශයේ සිට මන්නාරමට එවීමට සූදානම් කොට තිබූ රුපියල් ලක්ෂ දෙසිය විසිපහක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 300 ක් සමඟ සැකකරුවන් හය දෙනෙකු නාගපට්ටන පොලිසිය විසින් ඊයේ (01) දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශාල පොලිතීන් උර හයක මෙම කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 300 ක ප්‍රමාණය අසුරා තිබූ අතර අත්අඩංගුවට පත් වූ මන්නාරමේ ව්‍යාපාරිකයින්ට උදව් උපකාර කළ ඉන්දීය ජාතිකයින් හතර දෙනෙකු ද ඒ අතර සිටිනවා.
පොලිසියට ලැබුණු තොරතුරක් මත එම කේරළ ගංජා තොගය බෝට්ටුවකට පැටවීම සඳහා වෙරළාසන්නයේ පිහිටි නිවසක සගවා තිබියදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.
සැකකරුවන් හය දෙනා සහ කේරළ ගංජා තොගය නාගපට්ටන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.