කෝවිලේ පූජාවකට පැමිණි කාන්තාවකගේ රන් තැල්ලක් සොරාගත් ඉන්දීය ජාතික කාන්තාවක් ඇතුළු කාන්තාවන් හතරදෙනකු කෝපායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෝපායි පොලිස් වසමේ නිර්වේළි මුක්ත විනයාගර් කෝවිලේ වාර්ෂික උත්සවය සඳහා සිදුකරන පූජාවට සහභාගි වී සිටි කාන්තාවකගේ රන් තැල්ලක් මෙසේ සොරාගෙන තිබෙනවා.
රන් තැල්ලෙහි වටිනාකම ලක්ෂ 5 ඉක්මවන බව පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.