යාපනය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයකට කඩා වැදුණු මැරයින් පිරිසක් විශ්ව විද්‍යාල සිසුවකු කඩුවකින් කපා ඔහු නැවතී සිටි නේවාසිකාගාරයට හානි සිදු කොට ඊයේ (29) දා පලා ගොස් තිබෙනවා.
මෙම නේවාසිකාගාරය යාපනයේ තිරුණවේලී ප්‍රදේශයේ පිහිටා ඇති අතර මීට මාස දෙකකට පමණ ඉහතදී ද මෙම නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිටි සිසුන් පිරිසකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
කඩුවෙන් කැපීම නිසා තුවාල ලැබූ විශ්ව විද්‍යාල සිසුවා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබෙන අතර මහ දවල් මුහුණු ආවරණය කරගෙන යතුරු පැදි දෙකකින් පැමිණි මැරයින් හතරදෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කොට තිබෙන බවයි වාර්තා වෙන්නේ.
කෝපායී පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට ඇතත් ප්‍රහාරය සදහා පැමිණි මැරයින් මෙතෙක් හදුණා ගැනීමට හෝ අත් අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවයි වාර්තා වෙන්නේ.