මෙරට 9වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන 9 වැනි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද (21) පැවැත්වෙනවා.
අද (21) උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ වන අතර පස්වරු 4 දක්වා එය ක්‍රියාත්මකයි.
මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත් වූ නමුත් මොහොමඩ් ඉල්යාස් නමැති අපේක්ෂකයා හෘදයාබාධයකින් මිය යාම නිසා මේ වනවිට අපේක්ෂකයින් 38 දෙනෙකු ජනාධිපතිවරණ තරග බිමට පිවිස සිටිනවා.
2019 වසරේ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත්ව සිටි අතර ඒ අනුව එම වාර්තාව බිඳ දමමින් මෙවර ජනාධිපතිවරණයට ඉතිහාසයට එක්වන්නේ මෙතෙක් වැඩිම අපේක්ෂකයින් ගණනක් තරග වැදුණු ජනාධිපතිවරණය ලෙසයි.
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ලියාපදිංචි ඡන්ද දායකයින් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතර දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙන අතර ඔවුන් වෙනුවෙන් දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක් ස්ථාපිත කර තිබෙනවා.
එම ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම දැඩි පොලිස් ආරක්ෂාව මැද ඊයේ (20) සිදුවුණා.
කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් දාහත් ලක්ෂ හැටපන්දහස් තුන්සිය පනස් එකක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින අතර ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 1,204ක් ස්ථාපිතයි.
බස්නාහිර පළාතේ වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,881,129ක්.
ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 13හි ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන 1,212කදී ඡන්ද දායකයින් ඡන්දය භාවිත කිරීමට නියමිතයි.
කොළඹ දිස්ත්‍රික්කය ඡන්ද බලප්‍රදේශ 15 කින් සමන්විතයි.
කළුතර දිස්ත්‍රික්කයේ ද ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන 735 වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සිදු කෙරුණා.
එම දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 1,024,244දෙනෙකු ලියාපදිංචි වී ඇත්තේ ඡන්ද බලප්‍රදේශ 8ක් නියෝජනය කරමින්.
මධ්‍යම පළාත තුළ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 1,754ක්.
ජනාධිපතිවරණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 13ක පුද්ගලයින් 1,191,399 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටිනවා.
ඔවුන්ට ඡන්දය භාවිත කිරීම සඳහා ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන ගණන 890ක්.
මාතලේ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන 330 සඳහා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ඊයේ (20) දිනයේ සිදුවුණා.
මාතලේ දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 4ක ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබාසිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව 429,991ක්.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 605,292දෙනෙකු මෙවර ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටිනවා.
එම දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 4 හි ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන ගණන 532ක්.
දකුණු පළාතේ ලියාපදිංචි ඡන්ද දායකයින් 2,110,278 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට නියමිත අකර ඒ සඳහා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව1,657ක්.
දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 10ක් සඳහා ඡන්දය භාවිත කිරීමට ඡන්ද දායකයින් 903,163 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.
ඔවුන්ට ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 715ක් ස්ථාපිතයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඊයේ (20) පෙරවරුවේ සිට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සිදුවුණා.
ගාල්ල ප්‍රධාන ඡන්ද ගණන් නකිරීමේ මධ්‍යස්ථානයේ සිට බලපිටිය – මාදූව දූපතේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත බෝට්ටුවක් මගින් ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණා.
මාතර දිස්ත්‍රික්කයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන 526කදී ඡන්ද දායකයින් 686,175 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට නියමිතයි.
ඒ ඡන්ද බලප්‍රදේශ 7ක් නියෝජනය කරමින්.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිත කිරීම සඳහා ලියාපදිංචි වී සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව 520,940ක්.
ඔවුන් ඡන්ද බලප්‍රදේශ 4ක් නියෝජනය කරමින් ඡන්ද මධ්‍යස්ථාන 416කදී ඡන්දය භාවිත කිරීමට නියමිතයි.
වයඹ පළාත තුළ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක දෙකෙහි ඡන්ද මධ්‍යස්ථාන 1,447ක් ස්ථාපිත කර තිබෙනවා.
කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ඡන්දය භාවිත කිරීමට ඡන්ද දායකයින් 1,417,226 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඔවුන් ඡන්ද මධ්‍යස්ථාන 977කදී ඡන්දය භාවිත කිරීමට නියමිතයි.
කුරුණෑගල දිස්ත්‍රික්කය ඡන්ද බලප්‍රදේශ 14කින් සමන්විතයි.
වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කය ඡන්ද බලප්‍රදේශ 5කින් සමන්විතවන අතර ඡන්ද මධ්‍යස්ථාන 470ක් වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සිදුවුණා.
එම දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව 663,673ක්.
නැගෙනහිර පළාත නියෝජනය කරමින් ඡන්ද දායකයින් 1,321,043දෙනෙකු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටිනවා.
එම පළාත දිස්ත්‍රික්ක 3කින් සමන්විත වන අතර දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 555,432ක්.
අදාළ දිස්ත්‍රික්කය තුළ ඡන්ද බලප්‍රදේශ 4ක ඡන්ද මධ්‍යස්ථාන 528ක් සඳහා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සිදුවුණා.
මඩකළපුව දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 449,686ක්.
එම දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 3ක ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන 442 ක් වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණා.
ශ්‍රී ලංකාවේ අඩුම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේයි.
ඒ ඡන්ද දායකයින් 315,925ක්.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 3ක ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන 318කදී එම ඡන්ද දායකයින් ඡන්දය භාවිත කිරීමට නියමිතයි.
ජනාධිපතිවරණය සඳහා උතුරු පලාතේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 899268ක්.
ඉන් ඡන්ද දායකයින් 492,280ක් ලියාපදිංචි වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින්.
යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 11ක ඡන්ද මධ්‍යස්ථාන 511ක් ස්ථාපිත කර තිබෙනවා.
අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණු අතර කයිට්ස් ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණේ නාවික හමුදා යාත්‍රාවක් මගින්.
වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය පරිපාලන දිස්ත්‍රික්ක 3කින් සමන්විත වන අතර ඡන්ද බලප්‍රදේශ යටතට ගැනෙන්නේ අදාල දිස්ත්‍රික්ක 3යි.
ඒ අනුව වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය තුළ ඡන්ද මධ්‍යස්ථාන 387කදී ඡන්දය භාවිත කිරීමට ඡන්ද දායකයින් 306081 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.
උතුරුමැද පළාතේ දිස්ත්‍රික්ක දෙක සඳහා ලියාපදිංචි වී ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,093,164ක්.
ඉන් ඡන්ද දායකයින් 741,862 දෙනෙකු ලියාපදිංචි වී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින්.
එම දිස්ත්‍රික්කය තුළ ඡන්ද මධ්‍යස්ථාන 636ක් ස්ථාපිත කර ඇත්තේ ඡන්ද බලප්‍රදේශ 7ක් සඳහායි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන 292ක් සඳහා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සිදු කෙරුණා.
එම දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 3ක් සඳහා ලියාපදිංචි වී ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 351,302ක්.
ඌව පළාත මැතිවරණ දිස්ත්‍රික්ක දෙකකින් සමන්විතවන අතර එහි ලියාපදිංචි සමස්ත ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,104,938ක්.
බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 9ක් සඳහා ඡන්ද දායකයින් 705,772දෙනෙකු ලියාපදිංචි වී සිටිනවා.
ඔවුන් ඡන්ද මධ්‍යස්ථාන 530කදී ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට නියමිතයි.
ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන ගණන 383ක්.
එම දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 3ක ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 399,166 ක්
ජනාධිපතිවරණය සඳහා සබරගමුව පළාත නියෝජනය කරමින් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලැබූ සමස්ත ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,633,358 ක්.
එම පළාතේ වැඩිම ඡන්ද දායකයින් සංඛාවක් ලියාපදිංචි වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කය සඳහා වන අතර එම සංඛ්‍යාව 923,736ක්.
අදාළ ඡන්ද දායකයින් ඡන්ද බලප්‍රදේශ 8ක් නියෝජනය කරමින් ඡන්ද මධ්‍යස්ථාන 700කදී ඡන්දය භාවිත කිරීමට නියමිතයි.
කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා ඡන්ද දායකයින් 709,622දෙනෙකු ලියාපදිංචි වී සිටිනවා.
ඔවුන් ඡන්ද මධ්‍යස්ථාන 577කදී ඡන්දය භාවිත කිරීමට නියමිතයි.
කෑගල්ල දිස්ත්‍රික්ක්යේ ක්‍රියාත්මක ඡන්ද බලප්‍රදේශ සංඛ්‍යාව 9ක්.
මේ අතර අද දිනයේ ඡන්ද ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සහ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන කාලසීමාවේදී පුද්ගල කණ්ඩායම් ලෙස ප්‍රසිද්ධ ස්ථානවල රැදී නොසිටින ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ඊයේ (20) පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ මැතිවරණ නීති කඩ කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.