තරුණියක් දියනාමින් සිටි දර්ශන වීඩියෝ කළ පුද්ගලයෙකු රැඳවුම් භාරයට ගෙන තිබෙනවා.
මෙලෙස වීඩියෝ කර ඇත්තේ 16 හැවිරිදි පිරිමි අයෙකු විසින් බවටයි අනාවරණය වී ඇත්තේ.
තම දියණිය දිය නානවිට වීඩියෝ කරන බවට ලද තොරතුරක් අනුව දියණිය දිය නෑමට සලස්වා මව විමසිල්ලෙන් සිට ඇති අතර මද වේලාවකට පසු කිසියම් පුද්ගලයෙකු වතුර බටය දිගේ නැග නාන කාමරයේ කවුළුවෙන් වීඩියෝ කරමින් සිටියදී මෙලෙස ඔහු අල්ලාගෙන ඇති බවටයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුරුව සැකකරු පොලිසියට භාරදීමට පියවර ගෙන තිබෙනවා.