සල්මන් ඛාන්ගේ වීඩියෝවක්, මේ වන විට අන්තර්ජාලයේ දැඩි කතා බහට ලක්ව තිබෙනවා.
අදාළ වීඩියෝවේ සල්මන්, දියමන්ති ඔබ්බවන ලද සුපිරි ඔරලෝසුවක් (Billionaire III watch) පැළඳ ඉන්නා අයුරුයි දිස්වෙන අතර එය සුදු දියමන්ති 714කින් යුත් සුඛෝපභෝගී ඔරලෝසුවක් වන බවයි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ.
ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වාර්තාවන්ට අනුව ‘Billionaire III watch’ හි වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 167 ක්.
වෙනත් වාර්තා එය ඉන්දීය රුපියල් කෝටි 41.98 ක් ලෙස දක්වා ඇත.
කොහොම නමුත් තවම මෙහි නිශ්චිත මිල තහවුරු කිරීමක් ගැන සඳහන් නොවන අතර Billionaire III, ලොව දුර්ලභ ම මැණික්වලින් සමන්විත බව සඳහන්.