“කඳුළ ඉතින් සමාවෙයන් – අපි වෙන්වෙමු අද හවසට.. මගේ ගෙපැළට ඈ එනවා – සිරියහනේ තනි රකින්න..”
ආදරණීයම හිත් එකතුවෙන ඕනෑම තැනක මේ ගීතය අහන්න ලැබෙනවා..
ඒ ගීතය ගයන ඔහුට එදා විශේෂ දවසක්.. ඕනම තාත්තා කෙනෙක්ගේ හීනයක් තමයි තමගේ දුව ලස්සන මනාලියක් වෙනවා බලන එක..
ඔහුට අපි හැමෝම හඳුන්වන්නෙ ලාංකික සංගීතයේ ලයාන්විතයා විදිහටයි..
කීර්ති පැස්කුවෙල්.. ඔහුගේ ආදරණීය දියණිය චාරුණී පැස්කුවෙල් පසුගිය දවසක යුග දිවියට එළඹුණා.. ඇගේ අතගන්න වාසනාවන්ත වුණේ කමිත්..
ඉතින් චාරුණී කමිත් විවාහයේ කවුරුත් දැකගන්න ආසාවෙන් බලාගෙන හිටි ආදරණීය දසුන් පෙළ මෙන්න..