රංගන ශිල්පිනී දමිතා අබේරත්න, ඇය අපේ රටේ බොහෝ දෙනා අතර කතා මවන චරිතයක් බවට පත්ව තිබෙනවා..
මේ ඇය ගැන ඇසෙන තවත් එක් කතාවක්.. පසුගිය 2022 වසරේ සිදුවුණු සිද්ධිය ගැනයි ආයේත් මේ කතාබහ ඇසෙන්නේ..
2022 වසරේ ජූලි මස 09 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයට අරගලකරුවෙක් අයුතු ඇතුළුවීමක් කළ සිද්ධියේ ඇප මත මුදා හැර ඇති රංගන ශිල්පිනී දමිතා අබේරත්න ඇතුළු කාන්තාවන් තිදෙනාගේ රුධිර සාම්පල ඩී එන් ඒ පරීක්ෂණයක් සදහා ලබන 27 රජයේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් යොමුවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද නියෝග කළා..
පසුගිය මාර්තු මාසයේ ඇය ඇතුළු කාන්තාවන් තිදෙනෙකුට එහි යන ලෙස පූර්වගාමී විනිසුරුවරයා කළ නියෝග ප්‍රකාරව ඇය එහි පෙනී සිට නැතැයි කොළඹ උතුර අපරාධ කොට්ඨාශය කළ කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදුකර තිබෙනවා..
ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබී හමු වූ සනීපාරක්ෂකතුවා හය සම්බන්ධයෙන් විමර්ශන කිරීමට රුධිර සාම්පල ලබා දෙන ලෙස සැකකාරියන් තිදෙනාට නියෝග කරන ලෙස කොළඹ උතුර අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් පසුගිය දිනයේ ඉල්ලිම් කළ අවස්ථාවේ දමිතා අබේරත්න වෙනත් නඩුවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව ගතව සිටි බව නීතිඥ තිළිණ වීරසිංහ අධිකරණයට දැනුම්දී තිබුණා…
පෙර දින මෙලෙස නියෝග නිකුත් කෙරුණේ දමිතා අබේරත්න, නෝනා මුරින් සහ සචිනි කෞශල්‍යා යන කාන්තාවන් තිදෙනාටයි…
මෙම නඩුවේ 17වන සැකකරු ලෙස ඇප මත මුදා හැර ඇති කොස්වතේ මහානාම හිමි සිවුරු හැර ඇති බවත්, ගිහි නම ගිහාන් දුමින්ද අමරසිරි ලෙස නඩු ගොනුවක් ඇතුළත් කරන ලෙසත්, පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා..
ඇප මත මුදා හැර ඇති අධිකරණයේ පෙනී නොසිටි හයවන සැකකරුට වරෙන්තු නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය ඇපකරුවන්ට නොතිසි නිකුත් කර තිබුණා..