අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකුව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 7 දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ඔහුන් දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ බවයි අප වාර්තා කරු පැවසුවේ.
ජූලි 08 වනදා සිදුකළ එම වෙඩිතැබීමෙන් තවත් සිව් දෙනෙක් තුවාල ලැබූ අතර ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා ද ඒ අතර වෙනවා.