ලෝක පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා.
‘Land Restoration, desertification and drought resilience’ යන්න මෙවර පරිසර දින තේමාවයි.
මෙවර ශ්‍රී ලංකාව එහි සමරන තේමාව වන්නේ ‘ඵලදායී භූමි පරිහරණයෙන් සුවදායි දෙරණක්’ යන්නයි.
ලෝක පරිසර දින ජාතික සැමරුම් උත්සවය සිංහරාජ උඩව ප්‍රදේශයේ පැවැත්වීමට සැලසුම් කර තිබුණද පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එය කොළඹදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මේ අතර ලෝක පරිසර දිනය වෙනුවෙන් 2024 ජුනි මස 03 සහ 04 යන දෙදින විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීමට දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව කටයුතු සංවිධානය කර තිබෙනවා.
1972 ජුනි මස 5 වැනිදා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී ආරම්භ වූ මානව පරිසරය සුරකීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ සමාරම්භක සමුළුවේදී ගත් තීන්දුවට අනුව වාර්ෂිකව පැවැත්වෙන ලෝක පරිසර දින සමුළුවට අදට වසර 52 ක් සපිරෙනවා.