සැමියා රට ගිහින් වැඩි කාලයක් නැහැ..
දරුවන් රැකගෙන ඇය පරිස්සමෙන් ගෙදර ඉඳිවි කියලා හිතපු සැමියාට අවසානයේ වුණ කිසිම දෙයක් හිතාගන්නවත් බැරි වෙන්න ඇති..
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් අදහා ගන්නවත් බැරි කතාවක්..
කුඹුක්ගැටේ ප්රදේශයේ පදිංචි කාන්තාවක ඇයගේ හත් හැවිරිදි දියණිය සහ දෙහැවිරිදි පිරිමි දරුවා අනාරක්ෂිත ලෙස නිවෙසේ අතහැර දමා හොර රහසේ ප්රදේශය අතහැර පලා ගොස් ඇතැයි කුරුණෑගල කුඹුක්ගැටේ පොලිසිය පවසනවා..
මව නිවෙසේ අතහැර දමා ගිය බාල වයස්කාර දරු දෙදෙනා එම දරුවන්ගේ ආරක්ෂාව සඳහා තමන් භාරයට ගත් බව පොලිසිය පැවසූ අතර, බාල වයස්කාර දරු දෙදෙනා අනාරක්ෂිත ලෙස නිවෙසේ අතහැර දමා කෲරත්වයට පත් කර කිසිවකුටත් නොකියා අනියම් සැමියා සමග පලා ගිය බව කියන මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර තිබෙනවා..
එම දරුවන් දෙදෙනා කුසගින්නේ සිට ඇති අතර, නිවෙස අසල පදිංචි මෙම කාන්තාවගේ ඥාතියකු දරු දෙදෙනා නිවෙස තුළ පෙරේදා (28) සවස හඬමින් සිටින අයුරු දැක දරුවන්ගෙන් තොරතුරු විමසා දරු දෙදෙනාද රැගෙන කුඹුක්ගැටේ පොලිසියට පැමිණ මේ ගැන පැමිණිලි කර තිබුණා..
බාලවයස්කාර දරු දෙදෙනාගේ මව අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය පුද්ගලයා ද අසල්වාසියකු බව පොලිසිය පැවසුවා.. කෙසේවෙතත්, මොවුන් දෙදෙනා සිටින ස්ථානයක් ගැන තවම තොරතුරු ලැබී නැතැයි ද පොලිසිය පවසනවා..