කියන්න යන්නේ තවත් දුක් මුසු කතාව.. නීතිය පැත්තෙන් ගත්තම අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙන්න ඕන වරදක්..
මේ කතාව සිය මෝටර් රථයෙන් පැමිණ කසල පිරවූ බෑගයක් මහ රෑ සුදුහුම්පොළ ප්‍රදේශයේ මහ මග දමා ගිය මහනුවර මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී කෙනෙක් කළ ක්‍රියාවක් ගැන කතාවක්..
එම පුද්ගලයා විසින් මහනුවර මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කම්කරුවෙකුට පහර දී තුවාල සිදුකළ පුවතක් අපට වාර්තා වුණේ පසුගිය දිනයකයි..
මෙලෙස පහරදුන් සේවකයා තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ඔහුට ප්‍රතිකාර කර තිබෙනවා..
ඉන්දික තෙන්නකෝන් නම් මොහු පසුගිය 31 දා රාත්‍රියේ මෝටර් රථයෙන් පැමිණ කසළ පිරවූ බෑගයක් සුදුහුම්පොළ ප්‍රදේශයෙන් මාර්ගයට බැහැර කර තිබූ අතර, එය දුටු නගර සභාවේ කම්කරු සේවකයෙක් නිසි ලෙස වෙන් නොකළ කසල තැන තැන බැහැර නොකරන ලෙස දන්වා එය රැගෙය යන ලෙස දැනුම් දෙමින් කසල බෑගය මෝටර් රථය තුළට දමා තිබුණා..
අනතුරුව ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ ප්‍රධානි ඉංජිනේරුවරයාට මෙම සිද්ධිය දැනුම් දීම පිණිස මෝටර් රථයේ අංක තහඩුවේ ඡායාරූපයක් ජංගම දුරකතනයෙන් ලබා ගැනීමට කම්කරු සේවකයා කටයුතු කර තිබුණා..
ඒ අවස්ථාවේ මන්ත්‍රීවරයා මෝටර් රථයෙන් බැස තමන් ට පහර දුන්නේ යැයි මහනුවර මහ නගර සභාවේ කම්කරුවෙකු ලෙස සේවය කරන ශිවකුමාර් ශිවනාදන් පොලිසියට පැමිණිලි කර තිබේනවා..
තුවාල ලද කම්කරු සේවකයා මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින අතර සැකපිට අත්අඩංගුවට ගත් හිටපු නාගරික මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසනවා..