නැකැත් බලලා කාලයක් තිස්සේ පෙරුම් පුරලා කරපු විවාහයක්..
ඒත් ඒ දෙන්නාට එක වහලක් යටට යන්න වාසනාව නැති වෙලා..
පුතාගේ කැමැත්තට මනාලියක සොයා ගත් බවත් 2022 විවාහය ලියාපදිංචි කර විවාහ මංගල්‍යය ඉදිරියේ දී ගැනීමට සිටි බවත් පවසා තිබුණා…
පසුව එළඹෙන අගෝස්තු 11 වැනිදා විවාහ මංගල්‍ය උත්සවය සිදු කිරීමට සියල්ල සූදානම් කර තිබුනා.. ඒත් වෙලා තිබුණේ හිතාගන්න වත් බැරි දෙයක්..
මනාලයා අවසානයේ මනාලිය එපා කියලා.. මෙසේ මනාලිය එපා යැයි පවසා ගොස් ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින 57 හැවිරිදි දෙදරු මවක හා ඇගේ එකම 24 හැවිරිදි පිරිමි දරුවා බව පොලිසිය පවසනවා..
පොලිසියෙන් බැස ගොස් ඇති කාන්තාව ගුරුවරියක්..
ඇගේ සැමියා කෑගල්ල ප්‍රදේශයේ ආයතනයක සේවය කරනවා.. මෙම යුවළගේ වැඩිමල් එකම දියණිය විවාහ වී යුරෝපා රටක පදිංචිව සිටිනවා.. 24 හැවිරිදි එකම පිරිමි දරුවා පියා සේවය කරන ආයතනයේ රැකියාවක් කරනවා..
මෙම 24 හැවිරිදි තරුණයා කලකට ඉහත දී විවාහ මංගල්‍යය උත්සවයක දී මහනුවර ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණියක හඳුනාගෙන දෙපාර්ශවයේ ආශිර්වාද මධ්‍යයේ 2022 ජූලි මාසයේ දිනක ඔවුන්ගේ විවාහය ද ලියාපදිංචි කළහ.. එළඹෙන අගෝස්තු 11 වැනිදා විවාහ මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් සිදු කිරීමට මේ දිනවල ලහි ලහියේ වැඩ කටයුතු සිදු කරනවා…
මනාලයාගේ මවුපියෝ තම එකම දරුවාගේ විවාහ මංගල්‍යයට කෑගල්ල ප්‍රදේශයේ හෝටලයක් ද වෙන් කළ..
ඒ දෙදෙනා අතර යම් බහින් බස් වූ අවස්ථාවක මනාලිය තමා හා විදේශ ගතව සිටින දියණියගේ පුතා ඝාතනය කරන බවට දන්වා ඇති බවත් පැවසුවා..
කැන්දාගෙන යෑමට පෙර එලෙස කතා කරනවා නම් කැන්දාගෙන ගියාට පසුව කොහොම තියෙයි ද යන්න පිළිබඳ හැඩූ කඳුළින් පවසා තිබුණු අතර, තමාට මනාලිය එපා බව ද වැඩිදුරටත් කීවා..
එහිදී තරුණිය පොලිසිය හමුවේ කියා සිටියේ තමන් එවැනි දෙයක් කිව්ව බවත් සමාව ලබාදෙන ලෙසත් බැගෑපත්ව පොලිසිය ඉදිරියේ දී ඉල්ලීමක් කළා.. පසුව පොලිසිය දෙදෙනාට වැඩි වයසක් නොමැති බවත් ජීවිතය ගැන අවබෝධ ඇති කරගෙන දෙදෙනා ජීවත් වෙන ලෙස දන්වා තිබුණා..
එහිදී තරුණයා තමන් මුලදී පෙම්වතියට ආදරය කළ බවත් ඒ ආදරය හා සමාන ආදරයක් තම මවට ද ඇති බවත් පැවසුවා.. තමාට පෙම්වතිය දැන් එපා වූ බවත් වැඩිදුරටත් පැවසුවා… පසුව තරුණයා හා තරුණයාගේ මව ද මනාලිය එපා යැයි පොලිසියෙන් පිටව ගියා..