සමාජ මාධ්‍යවල ගොඩක් කතාබහට ලක්වන චරිත ගැන අපි හොඳින් දන්නවා..
මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ දෙන්නෙක් ගැන කතාවක්..
නදී සහ චිරන්ත එහෙමත් නැත්නම් Binario 12 කිව්ව ගමන් ඔයාලට මතක් වෙන ඒ දෙන්නාගේ කැදැල්ල ගැනයි මේ කියන්න යන්නේ.. විදෙස් රටක හිටියත් ලාංකිකයින්ට ඔවුන්ගේ අත්දැකීම සමාජ මාධ්‍ය හරහා සමීප කරන මේ දෙන්නා travel කරන්න ගොඩක් ආස කරන දෙන්නෙක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ..
මේ ගමන් ඔක්කොටම කාලෙකට පුංචි ටිකක් තියන්න ඒ දෙන්නගේ තුරුලට ආපු එල්බා බබාට පුළුවන් වුණා.. ඒ දෙන්නගෙ ලෝකේ හැඩ කරපු මේ චූටි දෝනිට දැන් හරියටම අවුරුද්දක් ..
ඉතින් ඒ වෙනුවෙන් ලස්සන චාම් සාදයක් එයාල ඒ රටේදි අරගෙන තිබුණා.. මේ බලන්නකෝ චූටි දෝනිගේ උපන්දින සාදයේ ෆොටෝස් එක්කම අම්මයි තාත්තයි එයාට සුභ පතර තිබ්බ අපූරුව..
“මගෙ සුදු බෝලෙට සුභම සුභ උපන්දිනයක්! අවුරැද්දක් තිස්සෙ ලස්සනම ලස්සන චන්ඩි මතක ගොඩක් ගෙනාව චන්ඩි කෙල්ල, ඉස්සරහට එන්නෙ හොදම කාලෙ. තව චන්ඩි වැඩ ගොඩක් කරන්න හොදට ගුන යහපත් විදියට ලොකු වෙන්න. අම්මී තාත්තී ගොඩාරියක් ආදරෙයි අපෙ දග කෙල්ලට..”