අනතුරෙන් ඇයට කරදරයක් ද කියලා ඇගේ පාක්ෂිකයින් බෝහෝ දෙනෙක් බියට පත් වෙලා..
අනතුරෙන් පස්සෙත් ඇගේ පාක්ෂිකයින් ගණනාවක් ඇය ගැන හොයලා තියෙන්නේ අන්න ඒ නිසා..
මේ පුවත වාර්තා වෙන්නේ ඉන්දියාවෙන්..
බටහිර බෙංගාලයේ මහ ඇමතිනි මමතා බැනර්ජි සිය නිවසේදී බිම ඇද වැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා…
අදාළ අනතුර හේතුවෙන් මහ ඇමැතිනියගේ හිසට සහ මුහුණට දැඩිව තුවාල සිදුව ඇති බවයි සඳහන් වන්නේ..
69 හැවිරිදි මහ ඇමැතිනිය ත්‍රිණමූල් කොංග්රස් පක්ෂය නියෝජනය කරනු ලබනවා..
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තුවාලවලට ප්‍රතිකාර ලබා දීමෙන් පසු මහ ඇමැතිනිය රෝහලෙන් පිටව ගොස් ඇති බවයි..