විවාහයක් කියන්නේ ගොඩක් දෙනෙක් පෙරුම් පුරන දවසක්..
තමගේ ළඟම හිතවතුන් , ඥාතීන් එකතු කරගෙන විවාහ උත්සවයක් ගන්නේ ඒ ලස්සන දවස හැමදාම මතකයේ රැදෙන සුන්දර දවසක් වෙන්න ඕන නිසා නේ..
ඒත් මේ වෙඩින් එකට ගිය අයගෙන් බහුතරයකට නම් ඒ අවස්ථාව එක්කරලා තිබුනේ මිහිරි මතකයක් නම් නෙවෙයි..
හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයක පැවති මංගල සාදයකට සහභාගි වූ එකසිය හැත්තෑ දෙදෙනකුට ආසන්න පිරිසක් ආසාත්මිකතාවක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා..
එම සාදයට 280ක පමණ පිරිසක් එක්ව තිබෙනවා.. කෙසේවෙතත් ආසාත්මිකතාවයට ලක් වූ 14 දෙනෙකු දෙබරවැව මූලික රෝහලේත්, 18 දෙනෙකු ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය රෝහලේත්, තවත් 30 දෙනෙකු අම්බලන්තොට රෝහලේත් තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ..
ව්‍යාපාරිකයෙකුගේ මංගල සාදයකදී මෙම සිද්ධිය සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් එවන ලෙස හම්බන්තොට මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය ඉල්ලීම් කර තිබෙනවා..