මෙවර අලුත් අවුරුදු නැකත් රාත්‍රී කාලයට යෙදී තිබීම සම්බන්ධයෙන් මේ වනවිට දැඩි අන්දොලනාත්මක තත්ත්වයක් උද්ගතව තිබෙනවා.
හිරු ටී.වී. සමග පැවති විශේෂ සම්මුඛ සාකඡාවකදී ජ්‍යොතිර්වේදීන් පිරිසක් ඒ පිළිබඳව අදහස් පළ කළා.
මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවීමේ නැකැත යෙදී ඇත්තේ අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා රාත්‍රී 9.05ටයි.
ආහාර පිසීමේ නැකැත අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා රාත්‍රී 11.06ට සහ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යන නැකැත් අප්‍රේල් මස 14 වැනි ඉරිදා අළුයම 12.06ට යෙදී තිබෙනවා.
කෙසේ වෙතත් ඇතැම් ජ්‍යොතිර්වේදීන් පෙන්වා දෙන්නේ අවුරුදු නැකත් රාත්‍රී කාලයට යෙදී තිබූ අසුබ බවයි.
උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජාතික නැකැත් කමිටුව මල්වතු හා අස්ගිරි විහාරස්ථාන වෙත පැමිණ කරුණු පැහැදිළි කිරීමක්ද සිදුකළා.
මේ අතර, අවුරුදු නැකැත් පිළිබඳව උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව විමසා බැලීම සඳහා හිරු ප්රවෘත්ති ජ්‍යොතිර්වේදීන් පිරිසක් සමග විශේෂ සම්මුඛ සාකඡාවක නිරත වුණා.