ගම්පහ මල්වතුහිරිපිටිය විහාරස්ථානයකදී හිමි නමක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසනවා…
ගම්පහ මල්වතුහිරිපිටිය, කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ විසූ පූජ්‍ය කළපලුවාවේ ධම්මරතන හිමි පසුගිය ජනවාරි 23 වනදා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස සැකකෙරෙන මෙම පුද්ගලයාව මොණරාගල, හම්බේගමුව ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා…
එහිදී සැකකරු අත්තනගල්ල, යටවක ප්‍රදේශයේ සැඟවූ ආයුධය සොයාගැනීම සඳහා ගොස් සිටියදී පළායාමට උත්සාහ දරා ඇති අතර, එහිදී පොලිසිය සිදුකළ වෙඩිතැබීමකින් සැකකාර වෙඩික්කරු මියගොස් තිබෙනවා..
සැකකටයුතු පුද්ගලයෙකු ප්‍රදේශයේ සිටින බවට හම්බෙගමුව පොලිස් ස්ථානයේ බුද්ධි අංශය වෙත ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා..
32 හැවිරිදි සැකකරු අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්..
“හාමුදුරුවො ළඟ තියෙන මැණික විකුණලා ගන්න සල්ලි බෙදාගනිමු කියලා කොන්ත්‍රාත්තුව දුන්න අයට වෙච්ච පොරොන්දුවට හාමුදුරුවන්ට වෙඩි තිබ්බා” යැයි මල්වතුහිරිපිටිය ශ්‍රී ඝනාරාම විහාරයේ වැඩවිසූ කලපලුවාවේ ධම්මරතන හිමි වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබුණා..
යුද හමුදා කමාන්ඩෝ බළකායේ සේවය කර ඉන් ඉවත්ව මෙම සැකකරු පාතාලයට එක්වී මිනිස් ඝාතන කීපයක් සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.
එමෙන්ම මෙම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු ප්‍රථිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කළ බවයි පොලිසිය සඳහන් කළේ..