කියන්න යන්නේ ඔබට එක පාරටම අදහා ගන්නත් අපහසු කතාවක්..
ඒත් මෙහෙම දෙයක් වෙලා..
අහිංසක පුංචි දරුවෝ තුන්දෙනෙකුත් ඒ අතර සිටියාලු.. ඉතින් මේ කියන්න යන්නේ මොන වගේ කතාවක්ද..? සමහර විට මෙහි ආරම්භය වත් අවසානය වත් ඔබට හිතාගන්න බැරි වේවි..
කොළඹ – හයිඩ් පාර්ක් ප්‍රදේශයේදී දරුවන් තිදෙනෙකු සමග සිගමන් යදිමින් සිටියදී අත්අඩංගුවට ගත් කාන්තාව පැයක පමණ කාලයකදී රුපියල් 20,700කට ආසන්න මුදලක් උපයා ගෙන ඇති බවට හෙළි වී තිබෙනවා..
ඒ මීට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදීයි..
එහිදී අදාළ කාන්තාව භාරයේ සිටි ඉතිරි දරුවන් දෙදෙනා ද පරිවාස භාරයට පත් කරන ලෙස මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළා..
ඒ අනුව පාසල් යන වයසේ පසුවන දරුවන් දෙදෙනා මීරිගම – මහබෝධි සුරැකුම් මධ්‍යස්ථානය භාරයට පත් කෙරෙණු ඇති.. අනන්‍යතාවය තහවුරු කිරීමට අපොහොසත් වූ අවුරුදු 02 ක් පමණ අනුමාන වයසැති අනෙක් බාල වයස්කාර දරුවා මොරටුව – ප්‍රේමා ළමා නිවාසයට යොමු කිරීමට මීට පෙර අධිකරණය නියෝග කළා..
මෙම කාන්තාව සහ දරුවන් තිදෙනා කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ එක්තරා කාන්තාවක් පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි..
එම කාන්තාව යාචක කාන්තාව සහ දරුවන් තිදෙනා කොළඹ හයිඩ් පාර්ක් ප්‍රදේශයේ සිගමන් යදිමින් සිටි අවස්ථාවේ දරුවෙකුට මුදලක් පරිත්‍යාග කර තිබෙනවා..
අනතුරුව එම මුදල යාචක කාන්තාව විසින් ලබා ගැනීම හේතුවෙනුයි මුදල් පරිත්‍යාග කළ කාන්තාව අදාළ පැමිණිල්ල පොලිසියට සිදු කර තිබුණේ..