තිස්සෙම හිනා වෙලා සතුරෙන් ඉන්න කැමති කෙනෙක් තමයි පියුමි කියන්නේ..
පියුමි ගොඩක් වෙලාවට මේ මොහොත ගැන හිතාගෙන සතුටෙන් ඉන්න චරිතයක්..
අතීතය ගැන හෝ අනාගතය ගැන සිතමින් වර්තමාන මොහොත නැති කරගන්න අකමැති කෙනෙක්…
ඇය මේ වගේ සතුටෙන් ඉන්න අතරතුර ඇගේ ජීවිතේ ලස්සන අතීතයක් මතක් කළා..
ඒ එයාගේ පාසල් කාලේ පෙමක් ගැන කතාවක්.. ඉතින් ඒ ආදර කතාවට මොකද වුණේ, මේ ඒ ගැන ඇය කියන කතාව…
“පාසල යන කාලෙ නම් පෙම්වතෙක් ඉඳල නැහැ. හේතුව මං ඒ කාලෙ හිටියේ කොණ්ඩෙ කොටට කපල කොල්ලෙක් වගේ. ඒත් දවසක් පිරිමි ළමයෙක් මට ලියුමක් දුන්නා. මේක දැකපු මගේ හොඳම යාළුවා ඒක අපේ අයියට කියලා තිබුණා. ඒ පිරිමි ළමයා අයියල තුන්දෙනාගෙන් හොඳටම ගුටි කෑවා. පස්සෙ තමයි දැනගත්තේ මගේ යාළුවා ඒ පිරිමි ළමයට කැමැත්තෙන් ඉඳපු බව.
පොඩි කාලේ පොඩියට තිබ්බ ලව් එක.. ලොකුවෙද්දි අත්දෙකෙන් ලොකුවට පේනවා කියලා දවසක් වැඩසටහනක කියනව මං අහගෙන. මොකක්ද ඒ කතාව.?
මට අයියල තුන්දෙනෙක් ඉන්නවා. මමනෙ එකම නංගි. අයියලා මට හරිම ආදරෙයි. ඒත් පුංචි කාලෙ ඉඳල එයාලගෙ පංචින් බෑග් එක වුණේ මගේ අත්දෙක. ළඟින් ගියත් මගේ අතට ගහගෙන යන්නේ. ඒ ආදරේ තමයි මේ අත්දෙකෙන් දැන් ලොකුවට පේන්නේ…”