අලුත්ගම වැලිපැන්න දක්ෂිණ අධිවේගී ප්‍රවේශ මාර්ගය සමීපයේ වැලි පැන්නපොලිස් වසමේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක නායක හිමිනමක් තරුණ රූමත් කතුන් තිදෙනෙකු සමග ගිහි ඇදුමින් සැරසී කතරගම ලුණුගම් වෙහෙර තිස්සමහරහම ප්‍රදේශයේ විනෝද චාරිකාවක් ගොස් සිටියදී දායක සභාවේ ගම්වැසියන් කීප දෙනෙකුට හසුවී ඇතිවූ සමස්ථ දායකයින්ගේ විරෝධතාවක් හේතුවෙන් එම විහාරාධිපති හිමියන් සඳුදා රාත්‍රියේම පන්සල හැර ගොස් ඇතැයි වැලිපැන්න පොලිසිය කිය.
එම විහාරාධිපති හිමියන් කතුන් තිදෙනෙක් සමඟ ගිහි ඇදුමින් සැරසී ඉහතින් සඳහන් ප්‍රදේශවල විනෝද චාරිකාවකට ගොස් සිටියදී එම දිනයේම ගම්වැසි තරුණියන් කිහිප දෙනෙකුද කතරගම ප්‍රදේශයට ගොස් සිටියදී පන්සලේ හාමුදුරුවන් ගිහි ඇඳුමෙ කතුන් තිදෙනෙකු සමග සිටින අයුරු දැක විමතියට පත්ව එම තරුණයන් ගෙන තිබූ ඡායාරූප හා වීඩියෝ දර්ශන ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පළ කිරීමට පියවර ගැනීමත් සමඟ එම හිමියන් විනෝද චාරිකාව අවසන් කර විහාරස්ථානයට පැමිණෙන්නටත් පෙර විහාරස්ථානයේ දායකයින් එය දැක එම විහාරස්ථානය ඉදිරිපිට උන්වහන්සේට දැඩි විරෝධයක් පළ කිරීමත් සමග පෙරෙදා (29) රාත්‍රියේම පිටව ගොස් ඇතැයි වැලිපෙන්න පොලිසිය කියයි.
එම කතුන් තිදෙනා සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදුවනු ඇතැයි පොලිසිය කියයි.
වැලි පැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් විහාරස්ථානය ඉදිරිපිට දී පැවති විරෝධතාවයේ සාමය ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබේ.