බත්තරමුල්ල අකුරේගොඩ වැවේ විනෝදයට පාසල් මිතුරන් අට දෙනෙකු සමග දිය නෑමට ගිය විසි හැවිරිදි තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලංගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ තලංගම බණ්ඩාරවත්ත අංක 20 / 27 / C හි , පදිංචි . බාලසූරියගේ දොන් පැතුම් උදයන්ත නමැති (20) පරිගණක තාක්ෂණ ශිල්පියෙකු බව පොලිසිය කියයි .
මෙම තරුණයා තවත් පාසල් මිතුරන් අට දෙනකු සමග බත්තරමුල්ල අකුරේගොඩ වැවේ විනෝදයට දිය නෑමට ගොස් සිටියදී එක්වරම මෙම දියේ ගිලී අනතුරට පත්ව ඇති අතර ඒ බව තවත් මිතුරෙකු දැක ක්ෂණයකින් ක්රියාත්මක වී සෙසු මිතුරන්ද සමග ඔසවාගෙන ගොඩට ගෙනැවිත් තිබේ.