පුද්ගලයන් රවටා වංචනික ලෙස බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කරවා ගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, ලද තොරතුරකට අනුව ගිරාදුරුකොට්ට, මිලැත්තෑව සහ සුවශක්තිපුර ප්‍රදේශවල දී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, 25 හා 37 හැවිරිදි ගිරාදුරුකොට්ට ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
සැකකරුවන් පිළිබඳ සිදු කළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ, මොවුන් ගුරුවරුන් ලෙස පෙනී සිටිමින් ගම්පහ, ජාඇල, කඳාන, පමුණුගම, වීරගුල, පූගොඩ හා පේරාදෙණිය යන ප්‍රදේශවල මෙම වංචනික ක්‍රියා සිදු කර ඇති බවයි.
එම ප්‍රදේශවල පාසැල් ළමුන් ගේ දෙමාපියන්ට ව්‍යාජ දුරකථන අංකවලින් ඇමතුම් ලබා දී තම දරුවන් අසනීප වී රෝහල්ගත කර ඇති බැවින් හදිසි ප්‍රතිකාර සඳහා මුදල් අවශ්‍ය බව පවසා සිය ගිණුම්වලට මුදල් බැර කරගෙන ඇති බව පොලීසිය පැවසුවේය.
මෙම සැකකරුවන් රුපියල් ලක්ෂ 25ක පමණ මුදලක් මෙලෙස වංචා කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගිරාඳුරුකෝට්ටේ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.