සංවිධානාත්මක අපරාධ , මනුෂ්‍ය ඝාතන හා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව අවශ්‍යව සිටි පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදි පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා.
බුද්ධි අංශ මගින් ලබාදුන් බුද්ධි තොරතුරක් පදනම් කර ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපළ ඒකකය මගිනුයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණි මොහු සංවිධානාත්මක අපරාධ ,මනූෂ්‍ය ඝාතනන හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව අවශ්‍ය සිටි පුද්ගලයෙකු බව පොලිසිය පැවසුවා.
පසුගිය ජූලි 14 වනදා ගලපිටමඩ ප්‍රදේශයේ දී සරත් වේරගොඩ නොහොත් දුනුමාල සරත් යන අය ඝාතනයට ඩුබායි රාජ්‍යයේ සිට සැලසුම සකස් කර ඇත්තේ මොහු බවයි හෙළිව තිබෙන්නේ.