ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයේසිර මැදිරියේ දොර විවෘත කළ අවස්ථාවේ එයින් එළියට පැන නඩු කටයුතු සඳහා පැමිණ සිටි නීතිඥවරියකගේ ගෙල සිරකර ඇය මරා දැමීමට තැත් කළ බව කියන පුද්ගලයෙක් ඒ මොහොතේම පොලිස් හා බන්ධනාගාර නිලධාරීන්ඒක්ව පාලනය කර සැකපිට අත්අඩංගුවට ගත් බව ගලගෙදර පොලිසිය පවසයි.
ගෙල සිරවීමකට ලක් වූ නීතිඥවරිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා මහනුවර කළු වන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකි.
මෙම තිස් හැවිරිදි පුද්ගලයා ගංජා මිලි ග්‍රෑම් 760 ළඟ තබාගත් බව කියමින් ගලගෙදර පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරතිබිණි.