අධිකරණය මගින් වරෙන්තු ලබා සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් කුරුන්දන්කුලම ප්‍රදේශයේපිහිටි නිවසකට ගිය අවස්ථාවේ එම පොලිස් කණ්ඩායමේ සිටි පොලිස් සැරයන්වරයෙකු ට පරුෂ වචනයෙන් බැණ වැදී තරප්පු පෙළ න් බිමට තල්ලු කළ බව කියන තරුණයකු එම අවස්ථාවේදී ම සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර කුරුන්දන්කුලම ප්‍රදේශයේ පදිංචිඅවන්හල් හිමියකුගේ පුතකු වන 25 හැවිරිදි තරුණයෙකි.
තරප්පු බිමට තල්ලු කිරීම නිසාකකුලක අස්ථි බිඳීමකට ලක් වූ බව කියන පොලිස් සැරයන්වරයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලීසිය සඳහන් කරයි.
අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරච්චන්ද්‍ර මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් වරෙන්තුකරු අත්අඩංගුවට ගැනීමට ඔහු සිටින නිවෙසට ගොස් නිවස සෝදිසි කරමින් සිටින අතරවාරයේ සැකකාර තරුණයා එම නිවසට පැමිණ ඇතැයි පොලීසිය පොලිසිය කියයි.