හිටපු නියෝජ්‍ය කාතානායක ආනන්ද කුමාරසිරිට අයත් වැල්ලවාය ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී අවි ආයුධ කිහිපයක් සොයාගෙන තිබෙනවා.
වැල්ලවාය පොලිසිය සඳහන් කළේ, බුත්තල විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් මෙම අවි ආයුධ සොයාගෙන ඇති බවයි.
හිටපු නියෝජ්‍ය කාතානායකවරයා එම නිවසේ දැනට පදිංචිව නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් නිවස භාරව සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.