හලාවත – කරවිටාගාර ප්රදේශයේ තරුණයෙකු කාන්තාවකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ ප්රචාරය කරන බව පවසා ලිංගික අතවර කළ පුද්ගලයෙකු රහස් පොලිසියේ ඩිජිටල් වෝහාරික පරිගණක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 28 හැවිරිදි තරුණයෙක් බවයි සඳහන් වන්නේ.
පොලිසිය පැවසුවේ කාන්තාව සිදු කළ පැමිණිල්ලට අනුව මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදු කරන බවයි සඳහන් වන්නේ.